ඉදිරි මහ මැතිවරණය ගැන මහින්දානන්ද කියන දේ

Share

ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඉදිරි මහ මැතිවරණයකදී නියත වශයෙන් තුනෙන් දෙකක බහුතරයක් ඇති ආණ්ඩුවක් පිහිටුවන බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

 

අද(16) කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නඩු කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉදිරි මැතිවරණයකදී ජනතාවගේ ලකුණ පොහොට්ටුව බවත් එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පොදු සන්ධානයක් යටතේ තරග කරන බවට එකඟතාවයට පැමිණ ඇති නිසා වෙන් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්ත වන බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මේ අතර ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බහුතරයත් අවශ්‍ය බවත් මේ හේතුවෙන් හරි දේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News