සිය පියාගේ මිතුරන්ට ගොදුරු වූ දැරියක් කියූ කතාව

Share

සිය නිවසට පැමිණෙන පුද්ගලයන් විසින් දෙවසරක කාලයක් තිස්සේ හැම සති අන්තයකම තමා දූෂණය කරන ලද බව දොළොස් හැවිරිදි ඉන්දීය දැරියක් මානසික උපදේශකයන් ඉදිරියේ කියා සිටියාය.

 

එම දූෂකයන්ගෙන් ඇතැමෙක් නන්නාඳුන පුදගලයන් වූ අතර, තවත් කොටසක් තම පියාගේ මිතුරන් වූ බවත් ඇය පවසන්නීය.

දැරිය පවසන ආකාරයට මේ අතවර කිරීම් ආරම්භ වී තිබෙන්නේ ඇයගේ පියා සිය මිතුරන්ට මත්පැන් පානය සඳහා නිවසට ආරාධනා කිරීමත් සමඟය.

මත්පැනින් වෙරි වූ පියාගේ මිතුරෝ දැරියගේ දෙමව්පියන් ඉදිරිපිටම ඇයට විහිළු කිරීමට සහ ඇය අතපත ගාන්නට පටන්ගෙන ඇත.

වෙරිකාරයන් ඇතැම් අවස්ථාවන්හි, ඔවුන්ගෙන් එක් තැනැත්තෙකු පමණක් මත්පැන් ගඳින් යුත් ගෙයි නිදන කාමරයේ සිය මවත් සමඟ ඉතිරි කරමින් පිටව අතුරුදහන් වූ බවත් දැරිය පවසන්නීය.

එක්තරා දිනයක දැරියගේ පියා සිය මිතුරකු සමඟ ඇය නිදන කාමරයට තල්ලුකොට එය පිටින් අගුළු දැමූ අතර එම ආගන්තුකයා දැරිය දූෂණය කළේය.

එදා පටන් එම දැරියගේ ළමා ජීවිතයේ නපුරු අවධිය ආරම්භ විය.

එතැන් පටන් ඇයගේ පියා සිය දියණිය සඳහා ගැණුම්කරුවන් ඇණවුම් කරමින් ඔවුන්ගෙන් මුදල් අය කිරීමට පටන් ගෙන ඇත.

එතැන් පටන් අඩු තරමින් තිස් දෙනෙකුවත් දැරිය දූෂණය කරන්නට ඇතැයි මානසික උපදේශකයෝ අනුමාන කරති.

මේ අතර පසුගිය සැප්තැම්බර් 30 වෙනිදා ගුරුවරුන්ගෙන් ලද ඔත්තුවක් අනුව දැරිය උගත් පාසලට පැමිණි ළමා ශුභසාධන අංශයේ නිලධාරීන් පිරිසක් ඇය රැගෙන ගොස් ළමා රැඳවුම් නිවසක නතර කළහ.

දැරිය දූෂණය කරනු ලැබ ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි ළමා ශුභසාධන නිලධාරීහු පවසති.

india,child
දැරිය නිවසේ දොරෙහි අඳින ලද චිත්‍රය -“සමාවෙන්න අම්මේ”

එම ළමා අපචාර අපරාධය සම්බන්ධයෙන් දැරියගේ පියා ඇතුළු හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

දූෂණය කිරීම, කාම අපරාධ සඳහා ළමයකු යොදා ගැනීම සහ ලිංගික අඩන්තේට්ටම් යන චෝදනා යටතේ ඔවුන්ට නඩු පවරා අති අතර, ඇප දීම ප්‍රතික්ෂේප කෙරුණි. තමන් ඉහත කී චෝදනාවලට නිවැරදිකරුවන් වන බව චූදිතයෝ කියා සිටිති.

දැරිය දූෂණය කිරීම සහ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන තවත් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් සෝදිසි කිරීම පෙරට යමින් පවතී.

පරීක්ෂණ මෙහෙයවන නිලධාරීන් විසින් දැරියගේ පවුල හඳුනන පුද්ගලයන් විසිපස් දෙනෙකුගේ පමණ නම් සහ පින්තූර සකස් කර ඇති අතර, හඳුනා ගැනීම සඳහා ඒවා දැරියට පෙන්වා ඇති බවත් ප්‍රකාශ විය.

“මට ඔවුන්ගේ මුහුණු මතක නැහැ, සියල්ල අපැහැදිලියි” දැරිය නිලධාරීන්ට ප්‍රකාශ කළාය.

දැරිය අයත් පවුල ජීවත් වී තිබෙන්නේ දකුණු ඉන්දියාවේ මනහර කඳුවලින් සහ පිරිසිදු ජලදහරාවන්ගෙන් සපිරි, පිරිසිදු වාතයෙන් යුත් සෞභාග්‍යමත් නගරයකය.

එහෙත් දැරියගේ පවුලේ කටයුතු නිසා ඔවුන් නිවසන නගරයේ වාසනාව අතුරුදහන් වී ගිය ආකාරයක් දැන් දක්නට ලැබෙයි.

සැප්තැම්බර් 30 වෙනිදා පාසලට දැරිය පිළිබඳ තොරතුරු ලැබී ඇත්තේ ඇය සිටින නගරයේ ජීවත් වන ගුරුවරුන් කීප දෙනෙකුගෙනි.

“මේ දැරියගේ පවුලේ යම්කිසි වැරදි ක්‍රියාවක් සිදු වෙනවා. ඇයගේ නිවසේ යම්දෙයක් සිදුවෙමින් පවතිනවා. දැරියගෙන් අදහසක් ලබා ගැනීමට උත්සාහ කරන්න,” එම ගුරුවරු පාසල් පරිපාලනයට දැනුම් දී ඇත.

එම තොරතුරත් සමඟ පාසල් පරිපාලනය ගත් ක්‍රියාමාර්ගය වුණේ, වහාම කාන්තා සහන සංවිධානයක උපදේශිකාවක් සම්බන්ධ කර ගැනීමය.

ඊ ළඟ දිනයේ උදෑසන එම උපදේශිකාව පාසලට පැමිණියාය.

ඔවුහු ගුරු කාමරයක දී මුහුණට මුහුණ ලා හිඳ ගත්හ.

පාසලේ උඩුමහලේ සිටි දැරියගේ මව එහි සිදුවෙමින් පවතින්නේ කුමක්ද? යන්න දැන නොසිටියාය.

child abuse
දැරිය බිත්තිවල අඳින සිතුවම් සහ අදහස් මගින් සිය ඇතුලාන්තය හෙළි කරන්නීය

“මට කියන්න” උපදේශිකාව දැරිය ආමන්ත්‍රණය කළාය.

“ඔබේ පවුල සහ ඔබ ගැන තොරතුරු මට කියන්න.”

දෙදෙනා අතර සංවාදය පැය හතරක කාලයක් දුරදිග ගියේය.

“තාත්තාට රැකියාවක් නැහැ. අපි ගෙවමින් ඉන්නේ දුෂ්කර කාලයක්,” දැරිය ප්‍රකාශ කළාය.

“ගෙවල් කුලිය ගෙවන්න බැරි නිසා කොයි මොහොතේ අපි ගෙදරින් දොට්ට දමාවිද කියන්න බැහැ,” එසේ පැවසූ දැරිය ඉකිබිඳ හඬන්නට වූවාය.

අනතුරුව ඇය නිහඬ වූවාය. උපදේශිකාව අදහස් දක්වමින්, පාසලේ ලිංගිකත්වය අනුව වර්ග කෙරුණ පංති ගැන විස්තර කොට ළමා අපචාර කොතරම් සුලබව සිදු කෙරෙන්නේ දැයි දැරියට පැහැදිලි කළාය.

“මගේ ගෙදරත් යම්කිසි දෙයක් සිදුවෙනවා. මගේ තාත්තා මගේ අම්මාව අපයෝජනය කරනවා,” දැරියත් කතාබහට එක්වෙමින් සඳහන් කළාය.

“මට තොරතුරු දැනගන්න පුළුවන්ද?”උපදේශිකාව යෝජනා කළාය.

සිය මව හමුවීමට පැමිණි තැනැත්තෙක් තමාට වරක් අතවර කළ බව දැරියගේ පිළිතුර විය.

දැරියගේ මව එම අවස්ථාවේ එකී පුද්ගලයාට අවවාද කර ඇත. එහෙත් තමා පාසල් ගිය පසු බොහෝ මිනිසුන් සිය මව හමුවීමට පැමිණි බව දැරිය පවසන්නීය.

ඉන් පසුව විවිධාකාරයේ බොහෝ මිනිස්සු දැරියගේ නිවසට යාමට – ඒමට පටන් ගත්හ.

“මත් සාදවලින් පසු එම ආගන්තුකයන් තමා ලිංගික වශයෙන් අපයෝජනය කළ,” බව දැරිය පැවසුවාය.

ගැබ් ගැනීම හෝ අසනීපවලට ගොදුරුවීම වැළැක්වෙන උපක්‍රම පිළිබඳව දැන සිටියේදැයි උපදේශිකාව විමසූ විට දැරිය දුන් පිළිතුර මෙසේ විය.

“නැහැ! නැහැ! අපි ‘කොන්ඩම්’ පාවිච්චි කළා.”

තමා ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බව සාකච්ඡාව මැද දී දැරිය පිළිගත් පළමු අවස්ථාව එය විය.

child abuse
ළමා ලිංගික අපචාරවලට එරෙහිව වීදි බැස සිටින ජනතාව

ඉන් අනතුරුව ඇය තමාට ළමා විය අහිමි කළ ඛේදජනක කතන්දරය අනාවරණය කළාය.

“මිනිස්සු ඇවිත් මගේ අම්මාව නිදන කාමරයට අරගෙන ගියා. මම හිතුවා – ඒක සාමාන්‍ය දෙයක් කියල. ඊට පස්සේ තාත්තා මාව ආගන්තුකයනුත් එක්ක කාමරේට තල්ලු කෙරුව.”

“සිය නිරුවත් ඡායාරූප ගෙන තමා දූෂණය කළ මිනිසුන්ට යවන ලෙස තාත්තා ඇතැම් දිනවල බල කරන ලද,” බවත් ඇය පවසන්නීය.

මේ වසර මුලදී මාස තුනක පමණ කාලයක් තමා ඔසප් නොවීමෙන් දෙමව්පියන් කලබලයට පත් වූ බවත් දැරිය හෙළි කළාය.

ඔවුන් සිය දියණිය වෛද්‍යවරයකු කරා ගෙන ගොස් ඇති අතර, වෛද්‍යවරයා ‘අල්ට්‍රාසවුන්ඩ්’ පරීක්‍ෂණයකින් (ultrasound test) පසු බෙහෙත් වර්ගයක් දී ඇත.

මෙම දැරිය කාලයක් තිස්සේ දූෂණය කෙරෙමින් පැවති බව උපදේශිකාවගේ නිගමනය වෙයි. අනතුරුව ළමා ශුභසාධක නිලධාරීන්ට කතා කළ ඇය දැරිය රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන යන බව දැනුම් දුන්නාය. දැරිය ඒ සඳහා නොපැකිළව එකඟ වෙන බවක් ප්‍රදර්ශනය විය.

ගුරුවරුන් සමඟ කතාබස් කරමින් සිටි දැරියගේ මව සිය දියණිය මෝටර් රථයක් කරා ගෙන යනු දැක විලාප නගන්නට පටන් ගත්තාය.

“උඹලා කොහොමද මගේ දුව අරන් යන්නේ,” ඇය කෑ ගැසුවාය.

එම අවස්ථාවේ ඉදිරිපත් වූ උපදේශිකාව දැරිය සංවේදී ප්‍රශ්නවලින් පීඩා විඳින හෙයින් ඇය මානසික උපදේශන සායනය සඳහා රැගෙන යන බව මවට දැනුම් දුන්නාය.

“මගේ අවසරයක් නැතිව මගේ දුවට උපදේශන සේවා සපයන්න උඹ කවුද?”

ළමා නිවාසයට ගෙන ගිය දැරිය ලිංගික අපයෝජන සඳහා ගොදුරු වූ ඇය වැනි තවත් දැරියන් සමඟ පසුගිය මාස දෙකක කාලයක් ජීවත් වූවාය.

child abuse
ළමා දූෂණයට එරෙහිව

ළමුන් ලිංගික අපයෝජන සඳහා යොදාගනු ලැබීම අතින් ඉන්දියාවට ඇත්තේ ලජ්ජා සහගත වාර්තාවකි. එවැනි බොහෝ අපචාර සිදු කරනු ලබන්නේ වින්දිතයන් දන්නා හඳුනන පුද්ගලයන් විසින්මය. ඉන්දියානු නිලධාරීන්ගේ වාර්තා අනුව, පවුලේ නෑදෑයන්, අසල්වැසියන් සහ රැකියා කරන තැන්වල අයිතිකාරයන් විසින් ළමුන් ගොදුරු කර ගනු ලැබෙති.

2017 ළමා දූෂණ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි ආසන්නතම අවුරුද්දයි. එම වසරේ ඉන්දියානු දරුවන් 10,221 දෙනෙක් දූෂණය කරනු ලැබ ඇත. ඉන්දියාවේ ළමුන්ට එරෙහිව සිදු කෙරෙන අපරාධ මෑත අවුරුදුවල කිසිදු වෙනස් වීමකින් තොරව වැඩි වෙමින් පැවතුණි.

මෙහි සාකච්ඡා කෙරුණ දැරිය මුහුණ දුන් ආකාරයේ බිහිසුණු කතන්දර එරටින් නිතරම වාර්තා වෙයි.

දැරිය නතර කර සිටි මධ්‍යස්ථානයේ දූෂණයට ලක් වූ වයස අවුරුදු දොළහ සහ දහසය අතර තවත් දැරියන් තුන් දෙනක් සිටි අතර ඔවුන් දෙදෙනා ලිංගික වශයෙන් අපයෝජනය කර තිබුණේ ඔවුන්ගේම පියවරුන් විසිනි.

පියා විසින් දූෂණය කරනු ලැබීමෙන් ගැබ්ගත් දරු ප්‍රසූතියට ලංව සිටි පහළොස් හැවිරිදි දැරියක් විභාග ශාලාව කරා කැටුව යාමට තමා උදව් කළ බව එක් උපදේශිකාවක් සඳහන් කළාය.

ළමයා උපන් පසු එම දරුවා භාර දෙන ලෙස උපදේශන සේවාවෙන් ඉල්ලීමක් කෙරුණි.

“ඇයි මම මගේ දරුවා කාටවත් දෙන්නේ. මේ මගේ තාත්තාගේ දරුවා. මම දරුවා හදා ගන්නවා,” එම දැරිය පිළිතුරු දුන් බව ඉහත කී උපදේශිකාව ප්‍රකාශ කළාය.

මෙම ලිපියේ පළමුවෙන් සඳහන් කළ දැරිය රැඳවුම් මධ්‍යස්ථානයෙහි පළමු දවස් කීපය නොකඩවාම ගත කරන ලද්දේ නිදා ගනිමිනි.

අනතුරුව ඇය සිය ‘අම්මාට’ කොතරම් ආදරය කරන්නේදැයි විස්තර කරමින් සටහන් තබන්නට පටන් ගත්තාය.

“මේ ලිංගික අපයෝජන කතාව මගේ දුව නිර්මාණය කරපු කතන්දරයක්. මොකද? ඇය අපිත් එක්ක රණ්ඩු කරමිනුයි හිටියේ. එයාට ඕන කෙරුවා- අපට පාඩමක් උගන්වන්න,” ඇගේ මව පවසන්නීය.

තත්වය බෙහෙවින් අයහපත් නොවූ කාලයක් තිබුණ බව දැරියගේ මව පවසයි. සිය සැමියා ඔහුගේ රැකියාවෙන් රුපියල් දාහක් තරම් මුදලක් උපයන ලද බවත් ඇය සඳහන් කළාය.

දැන් නිවසේ ඉතිරිව සිටින්නේ එම කාන්තාව පමණි. ඇයගේ සැමියා නඩු විභාගය තෙක් බන්ධනාගාරගත කොට කරනු ලැබ ඇත. දියණිය රැඳවුම් මධ්‍යස්ථානයේ ය.

“මම හොඳට දරුවෝ බලා කියා ගන්න අම්ම කෙනෙක්,” එම කාන්තාව බීබීසියට ප්‍රකාශ කළාය.

දියණිය නිවසේ නැතත් ඇය පිළිබඳ මතකය ජීවමාන කරමින් ඔවුන්ගේ නිවසේ බිත්තිවල දියණිය විසින් අඳින ලද සිතුවම්වල පොතු ගැලවී යමින් ඇති ආකාරය එහි යන කෙනෙකු නෙත ගැටෙයි.

“මගේ දුව බිත්තිවල තවත් ලියාවි – පින්තූර අඳීවි. මේවා ඔක්කොම ඇගේ වැඩ,” අම්මා පවසයි.

දැරිය සිය අදහසක් ලියා දොරක අලවා ඇති කොල කැබැල්ලක මෙසේ දැක්වෙයි.

“මිතුරු මිතුරියනි! මගේ හදවත ඇතුලාන්තයේ පවතින අහිංසක සිතිවිලි කියන්නට පුළුවන් නම්, එය ලොකු ජයග්‍රහණයක් වේවි.”

මෙයින් මාස කීපයකට පෙර මව සහ දියණිය අතර ගැටුමක් සිදුව ඇත.

පාසල ඇරී නිවසට ගිය දැරිය නිල් පැහැති හුණු කූරක් ගෙන ‘පාම්’ ගසක් සහ දුමාරය පිටවෙමින් ඇති චිමිනියක් සහිත නිවසක සිතුවමක් සිය නිවසේ ඉදිරි දොරෙහි ඇන්දාය.

එය එම වයසේ බොහෝ දැරියන් විසින් ඔවුන්ගේ සිත්සතන්හි මවා ගත් සිතිවිලි මුදා හරිණු ලබන එක සිතුවමකි.

අනතුරුව ඇය මවගෙන් සමාව ඉල්ලා සිටින ප්‍රකාශයක් ද දොරෙහි ලියා නිවසින් බැහැර ගියාය.

“සමාවෙන්න අම්මේ!” දැරිය ලියා තිබුණේ එම වචන කීපයයි.

Read more

Local News