ඕස්ට්‍රේලියාවේ බටහිර ප්‍රදේශයට උෂ්ණාධික කාලගුණික තත්ත්වයක්

Share

ඕස්ට්‍රේලියාවේ බටහිර ප්‍රදේශයට උෂ්ණාධික කාලගුණික තත්ත්වයක් බලපා තිබේ.

 

ඒ හේතුවෙන් ලැව්ගිනි අවදානම තවදුරටත් ඉහළ ගොස් ඇති බව සඳහන්.

තාප තරංග කාලගුණික තත්ත්වය සහ තද සුළං හේතුවෙන් බටහිර ඔස්ට්‍රේලියාවේ වෙරළබඩ ප්‍රදේශයේ හටගත්  ලැව්ගින්නක පැතිරීම වේගවත් වී තිබේ.

මේ සමඟ ලැව්ගින්න හේතුවෙන් මතුව ඇති අවදානම ඉහළ ගොස් ඇති අතර ව්‍යසනකාරී ලෙස ලැව්ගින්න පැතිර යමින් පවතියි.

ගින්න ආරම්භ වූ පර්ත් නගරයේ උතුරට වන්නට පිහිටි යැන්චෙප් ප්‍රදේශයට හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ප්‍රදේශයේ සෙල්සියස් අංශක 40ක පමණ අධික උෂ්ණත්වයක් පවතින අතර ගින්න පාලනය කිරීම අතිශය දුෂ්කරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නොවැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් සිව් දෙනෙකු මියගොස් තිබේ.

ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන 2.5 ක පමණ භූමි ප්‍රමාණයක් සහ නිවාස 400කට අධික සංඛ්‍යාවක්  විනාශ විය.

සෑම වසරකම ඔස්ට්‍රේලියාව තුළ ලැව් ගිනි හට ගැනීම සුලබ දෙයක් වුවත් පසුගිය 2018 වසරේ සහ මෙම වසර තුළදී හටගත් ලැව් ගිනි තත්වය වඩාත් විනාශකාරී ලෙස සමස්ත ඕස්ට්‍රේලියානු මහද්වීපයටම බලපෑම් කළේය.

ඕස්ට්‍රේලියාව පසුගිය වසර කිහිපයේදී එරට මුහුණ දුන් උණුසුම්ම කාලගුණික තත්වයකින් යුත් කාලපරිච්ඡේදයට මුහුණ දී සිටියි.

ඉහළ යන ගෝලීය උෂ්ණත්වය ද ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජනගහණයට සාපේක්ෂව ඉහළ යන උෂ්ණත්වය ද මේ සදහා හේතු වී තිබුණා.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ජනගහණය ප්‍රධාන නගර කිහිපයක් වෙත රොක් වීමද මෙම තත්වය වර්ධනය වීමට එක් හේතුවක්.

මෙම ඉහළ යන උෂ්ණත්වයට මුහුණ දීමට ඔස්ට්‍රේලියාව පුරා විසිරී පවතින තෘණ භූමීන් සහ සැහැල්ලු වනාන්තර පද්ධතිය අපොහොසත් වන අතර ලැව් ගිනි තත්වයන් හටගැනීමට සහ සීඝ්‍රයෙන් පැතිරීයාමට එම තත්වය හේතු වී තිබේ.

Read more

Local News