උතුරු කොරියාවේ අමෙරිකානු විශේෂිත නියෝජිත සෝල් අගනුවරට

Share

උතුරු කොරියාවේ අමෙරිකානු විශේෂිත නියෝජිත ස්ටීවන් බීගන්, දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය.

 

ඒ උතුරු කොරියාව දිගින් දිගටම සිදුකරන විවිධ අත්හදා බැලීම් හේතුවෙන් වොෂින්ටන් පාලනයට එරෙහි පීඩනය උත්සන්න වී ඇති පසුබිමකයි.

සිය රොකට් ගුවන් ගතකිරීමේ අංගනයේදී තවත් තීරණාත්මක පරීක්ෂණයක් සිදුකළ බව උතුරු කොරියාව පසුගියදා නිවේදනය කළේය.

ඔවුන් සඳහන් කරන ආකාරයට එම අත්හදා බැලීමේ මූලික අරමුණ වන්නේ අමෙරිකාවේ  න්‍යෂ්ටික තර්ජනවලට එරෙහිව උපාය මාර්ගික අවියක් සංවර්ධනය කිරීමයි.

එවන් පසුබිමක් තුළ උතුරු කොරියාවේ අමෙරිකානු විශේෂ නියෝජිත ස්ටීවන් බීගන් දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණීම විශේෂත්වයක්.

මෙහිදී බීගන් සහ දකුණු කොරියානු නිලධාරීන් අතර සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්විය.

සංචාරය අතරතුරදී දකුණු කොරියාවේ උතුරු කොරියානු තානාපතිවරයා සහ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍යවරයා හමු වී සාකච්ඡා පැවැත්වීමටත් ස්ටීවන් බීගන් කටයුතු කළේය.

දින තුනක් දකුණු කොරියාවේ රැඳී සිටින ඔහු එරට ජනාධිපති මුන් ජේ-ඉන් හමුවීමටත් නියමිතව තිබේ.

අනතුරුව ඔහු ජපානය බලා පිටව යාමට නියමිත බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News