මහනුවර ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක්

Share

මහනුවර ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණහා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මහනුවර ශික්ෂණ රෝහල් භූමියට අයත් අක්කර 40 ක් පමණ වෙනත් පුද්ගලයින් විසින් අත්පත් කරගෙන තිබුනි. එම භූමි ප්‍රමාණයෙන් අක්කර 18 ක් මේ වනවිට යළි රෝහල් සංවර්ධන කටයුතු සඳහා පවරා ගෙන ඇත. තවත් අක්කර 21 ක් රෝහලට පවරා ගැනීමට නියමිතව තිබේ. එම භූමි ප්‍රමාණය ද රෝහලට පවරා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම් දෙන ලදි.
ශ්‍රි ලංකාවේ දෙවන ජාතික රෝහල ලෙස මහනුවර ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබේ. ඒ සදහා සියලුම වෛද්‍ය සේවා සැපයිය හැකි වාට්ටු සංකිර්ණ ඉදිකිරීමට මේ වනවිටත් පියවර ගෙන තිබේ. දැනට මහනුවර ශික්ෂණ රෝහලෙන් මසකට රෝගීන් 215,000 ක් පමණ ප්‍රතිකාර ලබාගන්නා බව මෙහිදී අනාවරණය විය.

Read more

Local News