ලෝරා මාෂ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

Share

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩිකා ලෝරා මාෂ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

 

ඇය නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා ඒ බව සඳහන් කළේය.

33 හැවිරිදි ලෝරා මාෂ් 2006 වසරේ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින පිටියට පිවිසියේය.

ඒ අනුව ආරම්භක පිතිකාරිනියක ලෙස මේ වන විට ටෙස්ට් තරග 9කට සහභාගී වෙමින් ටෙස්ට් ලකුණු 151ක් රැස් කර ගැනිමට ඇය සමත් වී තිබේ.

එමෙන්ම එක්දින තරග 103කදී එංගලන්තය නියෝජනය කරමින් ඇය  ලකුණු 682ක් රැස් කරගෙන ඇති අතර විස්සයි විස්ස තරග 67කදී රැස් කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 755කි.

ටෙස්ට් කඩුලු 24ක් සහ එක්දින කඩුලු 129ක් ද ඇය දවා ගැනීමට සමත් වී තිබේ.

2009 වසරේ පැවැති විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වු එංගලන්ත කාන්තා කණ්ඩායමේ සමාජිකාවක් වීමට ලෝරා මාෂ් වාසනාවන්ත වුණි.

Read more

Local News