මකාවෝ බලප්‍රදේශයේ හිමිකාරත්වය යළි චීනයට පවරාදී වර්ෂ 20ක්

Share

පෘතුගාලය විසින් මකාවෝ ස්වයංපාලන බලප්‍රදේශයේ හිමිකාරත්වය චීනය වෙත පවරාදී දෙසැම්බර් විසිවන දිනට වර්ෂ 20ක් සම්පූර්ණ වෙයි.

 

ඒ නිමිත්තනේ මකාවෝ වැසියන් සැමරුම් උත්සව රැසක් සංවිධාන කර තිබේ.

පෘතුගාලය විසින් මකාවෝ ස්වයංපාලන බලප්‍රදේශය යළි චීනය වෙත පවරා දුන්නේ 1999 වර්ෂයේදීයි.

එහි 20වන සංවත්සර සැමරුම වෙනුවෙන් ආලෝක සංදර්ශන ඇතුළු උත්සව රැසක් සංවිධාන කර තිබේ.

මකාවෝහි නාම් වෑන් විල ආශ්‍රිතව අලංකාර විදුලි ආලෝක සංදර්ශනයක් පසුගියදා ආරම්භ කළේය.

මකාවෝ සංස්කෘතිය විදහා දැක්වෙන ආලෝක රටා සහ ආකර්ශණීය ක්‍රීඩා රැසක්ද ඊට ඇතුළත්.

ආලෝක සංදර්ශනය දෙසැම්බර් 31වන දින තෙක් පැවැත්වීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

මෙවර සංවත්සර සැමරුමේ තේමාව බවට පත්ව තිබෙන්නේ නෙළුම් මලයි.

මේ හේතුවෙන් සැමරුම් උත්සවවලට නෙළුම් මල් ඇසුරින් කරන ලද නිර්මාණ රැසක් එක්කර තිබේ.

සංවත්සර සැමරුම් හේතුවෙන් මකාවෝ ප්‍රදේශයට මේ දිනවල දැඩි සංචාරක ආකර්ශණයක්ද හිමිවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

Read more

Local News