රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය රජය පිළිබඳ තොරතුරු අපක්ෂපාතීව, සත්‍ය ලෙස හා මධ්‍යස්ථව නිවැරැදිව ජනතාවට ලබාදීමයි

Share

අපගේ වගකීම මහජනතාවට පක්ෂපති ලෙස කටයුතු කිරීමයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වන්නේ රජය පිළිබඳ තොරතුරු අපක්ෂපාතීව, සත්‍ය ලෙස හා මධ්‍යස්ථව නිවැරැදිව ජනතාවට ලබාදීමයි යැයි” රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.

2018 නව වසරේ දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවෙමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (02) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවසීය.

අප සියලු දෙනා එකම පරමාර්ථයක් පෙරදැරිව අද රාජකරි ආරම්භ කරනවා. අපි මේ රටේ මහජන මුදලින් නඩත්තු වන පිරිසක්. අපි කවුරුන් ද, කුමක් කළ යුතු ද යන්න අප අද ලබාදුන් ප්‍රතිඥාවෙන් ප්‍රකාශ කර තිබෙනවා.

අපගේ වගකීම මහජනතාවට පක්ෂපති ලෙස කටයුතු කිරීමයි. ස්වර්ව ජන ඡන්දයෙන් පත් වූ රජයක අරමුණු හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අප බැදී සිටිනවා.

අප සියලු දෙනා එකමුතුව අලුත් ප්‍රාර්ථන සමඟින් කටයුතු කළ යුතුයි. අතීතයේ කටුක මෙන් ම කටුක නොවූ දේවල් අත්දැකීම් ලෙස ගෙන අලුත් ප්‍රාර්ථනා ඇතිකර ගත යුතුයි. එකම පවුලක් ලෙස සිතා කටයුතු කිරීම වැදගත්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වන්නේ රජය පිළිබඳ තොරතුරු ජනතාව වෙත ලබාදීමයි. අප සතු ප්‍රධාන වගකීම වන්නේ, අපක්ෂපාතීව, සත්‍ය ලෙස හා මධ්‍යස්ථව නිවැරැදි තොරතුරු ජනතාවට ලබාදීමයි. ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතියක් පවතිනවා. එහිදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට වැදගත් කාර්යභාරයක් පැවරෙනවා යැයි ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Read more

Local News