පළමු වරට සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරයේ වැට් බදු හඳුන්වා දෙයි

Share

සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් තුළ පළමු වරට වැට් බදු හඳුන්වා දෙනු ලැබ ඇත. ඒ අනුව බහුතර භාණ්ඩ සහ සේවා සඳහා 5% බදු අය කර ගැනීමට නියමිතය.

බදු රහිත දිවි පෙවතක් ලබා දීම තුළින් ගල්ෆ් කලාපීය රටවල් දීර්ඝ කාලයක සිට විදෙස් සේවකයන් ආකර්ෂණය කර ගත්හ. නමුත් ඛනිජ තෙල් මිල පහළ යාම හමුවේ සිය ආදායම් ඉහළ නංවා ගැනීමට එම රටවලට අවශ්‍යව ඇත.

ඒ අනුව 2018 ජනවාරි 01 (ඊයේ) වෙනිදා සිට ඉහත කී රටවල් දෙක තුළ වැට් බදු ක්‍රියාත්මක වීමට නියමිතය. වැට් බදු හඳුන්වා දීමෙන් පසු පළමු වසර තුළ ඩිරාම් කෝටි 1,200 ක ආදායමක් ලැබෙනු ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇස්තමේන්තු කර තිබේ.

පෙට්‍රල් සහ ඩීසල්, ආහාර, ඇඟලුම්, විදුලි සහ ජල බිල්පත්, හෝටල් කාමර සඳහා වැට් බදු අය කෙරෙනු ඇත. වෛද්‍ය ප්‍රතිකාර, මූල්‍ය සේවා සහ පොදු ප්‍රවාහන ඇතුළු ඇතැම් සේවා වැට් බද්දෙන් නිදහස් කර හෝ 0% බද්දකට යටත් කර තිබේ.

සෞදි අරාබියේ ආදායමින් 90% වඩා වැඩි ප්‍රතිශතයක් ලැබෙන්නේ ඛනිජ තෙල් කර්මාන්තයෙනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ එම අගය දළ වශයෙන් 80% කි.

Read more

Local News