අගමැති කතරගම පුදබිමට

Share

2020 නව වසර හා ආරම්භ වන නව දශකය සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ බලාපොරොත්තු ඉටු වන රට ගොඩනගන යුගයක් වේවායි ප්‍රාර්ථනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(31) රාත්‍රියේ කතරගම පුදබිමට පැමිණියේය.

නව වසරට ආශිර්වාද ලබාගැනිම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ කතරගම පුදබිමට පැමිණියේය.

මහින්ද රාජපක්ෂ මහතා කිරිවේහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක දම්මින්ද හිමියන් බැහැදැක අශිර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම අෂ්ටපල බෝධිය වෙත ගොස් විශේෂ බෝධිපුජාවක් ද සිදු කළේය.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා කතරගම මහා දේවාලය වෙත ගොස් දේව ආශිර්වාදය ලබාගත්තේය.

Read more

Local News