සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව හෙට සිට – අදියර දෙකක් යටතේ

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව හෙට සිට සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේය.

අදාළ පිළිතුරු පත්‍ර අද අදාළ මධ්‍යස්ථානවලට ලබාදීම සිදු කරන කෙරෙන අතර අදියර දෙකක් යටතේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව සිදු කරනු ඇති.

මේ අනුව හෙට (03දා) සිට ලබන 13 වැනිදා දක්වා කාලය තුළදී පළමු අදියරේ වැඩකටයුතු සිදුකරන අතර අදාළ කටයුතු සඳහා පාසල් 57ක් සම්පූර්ණයෙන් වසා තැබෙන අතර එම පාසල්වල පළමු වාරය ආරම්භ වන්නේ ජනවාරි 15 වැනිදා ය.

දෙවැනි අදියරේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාවමේ මස 23 වැනිදා සිට පෙබරවාරි 02 වැනිදා දක්වා කාලය තුළ පැවැත්වේ.

Read more

Local News