රාජිත දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට මාරු කෙරේ

Share

කොළඹ ලංකා පෞද්ගලික රෝහලෙහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද දහවල් සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයකට මාරු කර ඇත.

 

සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධයෙන් විමර්ශනයට අදාළව රිමාන්ඩ් භාරයට පත්ව සිටි රාජිත සේනාරත්න මහතා පසුගිය 30 වෙනිදා ඇප මත මුදා හැරුණි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ පැවැත් වු සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව රිමාන්ඩ් භාරයට පත්කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් පසුගිය තිස්වෙනිදා ඇප නියම කරනු ලැබුවේය.

ඒ  වනවිටත් රාජිත සේනාරත්න මහතා කොළඹ ලංකා පෞද්ගලික රෝහලෙහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඒ  අනුව අද දහවල් රාජිත සේනාරත්න මහතා දැඩිසත්කාර ඒකකයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා සාමන්‍ය ප්‍රතිකාර ඒකකයකට මාරු කර ඇත.

Read more

Local News