ජනපති මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනී

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (01) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් උදාවූ නව වසරට ආශිර්වාද ලබාගත් අනතුරුව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් ද බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේලාගේ සුව දුක් විමසූ අතර, උන්වහන්සේලාද සෙත් පිරිත් සජ්ජායනා කර උදා වූ නව වසර වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත සිය ආශිර්වාදය පළ කළහ.

උදා වූ නව වසරට ආශිර්වාද ලබාගැනීමට ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ සිටි සැදැහැවත් ජනතාව සමග ද ජනාධිපතිතුමා සුහද කතා බහක නිරත වූ අතර ඔවුන් ද උදා වූ නව වසර වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත සුභාශීංසන එක් කළහ.

එමෙන්ම සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ දුරුතු පුර පසළොස්වක පොහෝ දින වැඩසටහන (01) පැවැත්වුණේ ද අස්ගිරිය විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමිනි. වාරියපොළ ශ්‍රී සුමංග පිරිවන් රාජමහා විහාරාධිපති මහාචාර්ය තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධාභිධාන වයඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක නාහිමිපාණන් වහන්සේ මෙවර ධර්ම දේශකයාණන් වහන්සේ වූ අතර ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට ජනාධිපතිතුමා එක්විය.

රටට සහ ජනතාවට සෙත්පතා වාර්ෂිකව ඓතිහාසික කතරගම පුද බිමේ පැවත්වෙන පරිත්‍රාණ ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට ජනාධිපතිතුමා එක් විය.

Read more

Local News