ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙත පැළ බෙදාදීමේ වැඩසටහනක්

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (02) උදා වූ නව වසරේ පරිසර සංරක්ෂණය සදහා කැපවීමේ වැදගත්කම සහ තම පරිභෝජනයට සුදුසු දේ තම ගෙවත්තේ වගා කර ගැනීමේ පණිවිඩය රාජ්‍ය සේවකයින්ට ලබාදීම සනිටුහන් කරමින් ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙත පැළ බෙදාදීමේ වැඩසටහනක් සිදු විය.

ජනාධිපති කාර්යාලයීය කාර්ය මණ්ඩලය 2018 නව වසරේ රාජකාරී ඇරඹීමට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, ජනාධිපතිතුමා අතින් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙකු වෙත සංකේතාත්මකව පළතුරු පැළ ලබාදෙන ලදී.

Read more

Local News