“බරපතල වංචා, දූෂණ” කොමිෂන් වාර්තාව ජනපතිට භාර දෙයි

Share

ඉකුත් රජය සමයේ රාජ්‍ය ආයතන 17ක සිදු වී ඇතැයි කියන මහා පරිමාණ වංචා, දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව සිදුකෙරුණු පරීක්ෂණවල ප්‍රතිඵල සහ නිර්දේශ ඇතුළත් අවසාන වාර්තාව කොමිසම විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දෙනු ලැබීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දෙනු ලැබූ වාර්තා 17ට අදාළ ආයතන 17 මෙසේය:

  1. උතුරු මැද පළාතේ ජල පෙරන පිළිබඳ වාර්තාව
  2. අම්පාර නගර සභාවේ දැයට කිරුළ පිළිබඳ වාර්තාව
  3. වරාය අධිකාරියේ මහපොළ නැව පිළිබඳ වාර්තාව
  4. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයට අදාළ වාර්තාව
  5. රාජ්‍ය ඖෂධ සංස්ථාවට අදාළ වාර්තාව
  6. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අදාළ වාර්තාව
  7. පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශාලාවට අදාළ වාර්තාව
  8. වකුගඩු රෝගය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වාර්තාව
  9. මහනුවර දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂ කාර්යාලයට අදාළ වාර්තාව
  10. කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට අදාළ වාර්තාව
  11. රූපවාහිනී සංස්ථාවට අදාළ වාර්තාව
  12. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අදාළ වාර්තාව
  13. ජාතික ගමනාගමන කොමිසන් සභාවට අදාළ වාර්තාව
  14. සතොසට අදාළ වාර්තාව
  15. තරුණ සේවා සභාවට අදාළ වාර්තාව
  16. සෞඛ්‍ය සේවා සැපයීම් අංශයට අදාළ වාර්තාව
  17. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දීඝවාපි චෛත්‍යයට අදාළ වාර්තාව

Read more

Local News