කිඹුලාවල ඇළේ තිබී මළ සිරුරක් සොයාගනී

Share

මිරිහාන පොලිස් වසමේ කිඹුලාවල ඇළ මාර්ගයේ තිබී මිය ගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් සොයා ගෙන තිබේ.

 

අද (03) උදෑසන මිරිහාන හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත මෙම මෘත ශරීරය සොයා ගෙන ඇති බව සඳහන්.

මිරිහාන පොලීසිය පැවසුවේ සැක සහිත අන්දමින් මෙලෙස මිය ගොස් ඇත්තේ පිරිමි පුද්ගලයෙකු වන බවයි.

මෘත ශරීරය සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්විමෙන් අනතුරුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලට ගෙන ගොස් ඇත.

මිරිහාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News