අඹතලේ මාර්ගය අද සහ හෙට වසයි

Share

අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වැල්ලම්පිටිය,ඔරුගොඩවත්ත, අඹතලේ මාර්ගය අද (04) සහ හෙට (05) යන දෙදින තුළ පැය 07ක කාලයක් වසා තැබෙන බව පොලිසිය පවසයි.

 

අඹතලේ මාර්ගයේ පිහිටි බුත්ගමුව යකඩ පාලමේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් අදාළ මාර්ගය වසා තැබෙන බවට මාර්ග සංවර්ධන අධිකාරීය විසින් දැනුම්දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.

ඒ අනුව අද සහ හෙට යන දෙදින තුළ රාත්‍රි 10.00 සිට අළුයම 05.00 දක්වා එම මාර්ගය වසා තැබීමට නියමිතයි.

අදාළ කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

Read more

Local News