දුම්පානය කරන්නන් ගැන අලුත් ‌සොයා ගැනීමක් ‌මෙන්න

Share

දුම්පානයේ ආදිනව පිළිබඳ තවත් තොරතුරු බි‍්‍රතාන්‍යයේ ‘යුනිවර්සිටි කොලේජ් ඔෆ් ලන්ඩන්’ විසින් සිදු කෙරුණු අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

 

කිසිදිනෙක දුම්පානය කර නොමැති පුද්ගලයින්ට වඩා දුම්පානය කරන සහ දුම්පානය කර පසුව අතහැර දැමූ පුද්ගලයින්ට වැඩි වේදනාවක් දැනෙන බව මෙම අධ්‍යයන‌යෙන් හෙළිවී ඇත.

පුද්ගලයින් ලක්‍ෂ 2 කට වැඩි පිරිසක් යොදාගනිමින් ‌මෙම අධ්‍යයනය සිදුකර තිබේ.

දුම්පානය හේතුවෙන් සිරුරට ස්ථිර වෙනසක්කම් සිදුවන බවයි මීට පෙර හෙළිකර ගෙන තිබුණේ.

සිරුරට එලෙස සිදුවන ස්ථිර වෙනස්කම් හේතුවෙන් දුම්පානය කරන සහ දුම්පානය කර පසුව අතහැර දැමූ පුද්ගලයින්ට වැඩි වේදනාවක් දැනෙන බව අධ්‍යයනය සිදුකළ සමීක්‍ෂකයන් විශ්වාසය පළ කරයි.

Read more

Local News