දකුණු සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද (3) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
කෙසේ වෙතත්, දකුණු සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවති.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.

Read more

Local News