කොළඹ වරාය නගරය තුල තට්ටු 60 ගොඩනැගිලි 3ක්

Share

විදේශීය ආයෝජකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බැවින් කොළඹ වරාය නගරය තුල ඩොලර් බිලියනයක ආයෝජනයකින් තට්ටු 60 ගොඩනැගිලි 3ක් ඉදිකිරීමට යෝජනා වී තිබෙන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චමිපික රණවක මහතා පැවසීය.

කොළඹ වරාය නගරයේ වර්තමාන ඉදිකිරීම් පිළිබදව නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව කියා සිටි අමාත්‍යවරයා මෙම ව්‍යාපෘතියට අදාල ගිවිසුම් ලගදීම අත්සන් තබන බව පැවසුවේය.

මෙම වරාය නගරයේ ඉදිකිරීමට යෝජිත තට්ටු 60 කුළුනු තුන ඉදිකිරීමට අදාල නව නීති සම්පාදනය මාර්තු මාසයේදි සිදුකිරීමට නියමිත අතර පරිසර අධ්‍යනය මැයි මාසයේදි සිදුකිරීමට නියමිතය.

Read more

Local News