හෙරොයින් සමඟ අයෙක් කොටහේ‌නේ දී අත්අඩංගුවට

Share

කොටහේන පොලිස් වසමේ ජම්පටා වීදිය, 131 වත්ත ප්‍රදේශයේ දී ඊයේ (06) සවස හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

 

කොළඹ මධ්‍යම කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ‌මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.

මෙම සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 300 ක් තිබී අත්අඩංගුවට ගෙන කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු අද (07) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට ක්‍රියා කරයි.

වැඩිදුර විමර්ශන කොටහේන පොලිස් ස්ථානය මඟින් හා කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය මඟින් සිදු කරයි.

Read more

Local News