දස සිල් මාතා අධ්‍යාපන ආයතන වැඩි දියුණු කිරීමට රජය විසින් පියවර

Share

දස සිල් මාතා අධ්‍යාපන ආයතන වැඩි දියුණු කිරීමට රජය විසින් පියවර ගෙන ඇත. ඒ අනුව දස සිල් මාතාවන් සඳහා අවශ්‍ය ධර්ම විනය පුහුණුව ලබා දීමට ප්‍රශස්ත මට්ටමේ වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ.

දස සිල් මාතාවන් සඳහා අවශ්‍ය ධර්ම ශාස්ත්‍රීය දැනුම, ශාසනික වත් පිළිවෙත් පුහුණුව හා මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබාදීම සඳහා අධ්‍යාපන ආයතන 04 ක් දැනටමත් ආරම්භ කර ඇත.

ඒ සඳහා ක්‍රමවත් ආයතනික ව්‍යුහයක් සකස් කිරීමටත්, විධිමත් පාඨමාලාවක් හඳුන්වාදීමටත්, එම ආයතනවල පරිපාලන කටයුතු විධිමත් කිරීම සඳහා උපදේශක මණ්ඩලයක් පත් කිරීමටත්, ඒවායේ නඩත්තු වියදම් රජය මගින් දැරීමට බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ ඇති යෝජනාව සඳහා අනුමැතිය ලැබී තිබේ.

Read more

Local News