පොතුහැර සිදුවු රිය අනතුරකින් 10ක් රෝහලට

Share

පොතුහැර පොලිස් වසමේ කුරුණෑගල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අද (07) සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 10ක් රෝහල් ගත කර තිබේ.

 

රත්ගල්ල පාරට හැරෙන හංදියේ දී කුරුණෑගල දෙස සිට පොල්ගහවෙල හරහා කෑගල්ල දෙසට ගමන් කළ පුද්ගලික බස් රථයක් ඉදිරියෙන් ධාවනය වු ත්‍රීරෝද රථයක පිටුපස ගැටී නැවත විරුද්ධ දිශාවෙන් පැමිණි බවුසර් රථයක ද මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් 10 දෙනෙකු පමණ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.

පොතුහැර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News