එකකුස උපන් නංගි අපයෝජනය කළ අයියා සොයා පොලිස් පරීක්ෂණ

Share

බුත්තල, ජනාවාස ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ දැරියගේ වැඩිමහල් සහෝදරයා සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.

 

දැරිය පළමුවරට 2014 වර්ෂයේ දී සිය වැඩිමහල් සහෝදරයා අතින් අපයෝජනයට ලක් වී ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.

ඒ වන විට දැරිය පහ ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර මෙම දැරිය පසුගිය 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී සිය පෙම්වතා සමඟින් නිවසින් පලාගොස් සිට ඇත.

මේ සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරක් අනුව සිදු කල විමර්ශනයක දී මෙම සිදුවීම අනාවරණය වී ඇති අතර දැරිය සමඟින් සිටි පෙම්වතා වයස අවුරුදු විසි අටක එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව බුත්තල පොලීසිය පැවසීය.

එම සැකකරුට අමතරව මෙම සිද්ධිය ට අනුබල දීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවකු ඊයේ (07) බුත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුද එම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිහයක පුද්ගලයකු බව පොලීසිය සඳහන් කරයි.

දැරිය ප්‍රථම වරට අපයෝජනය කර ඇති දැරියගේ සහෝදරයා සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති අතර පෙම්වතා බව කියැවෙන සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අනුබල දීමට අත්අඩංගුවට ගත් සැකකරු හෙට (09) දින වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන බුත්තල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පො.ප චම්ලි පලිහේන මහතාගේ අධීක්ෂණය යටතේ ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපති උ.පො.ප සෝමලතා මහත්මියගේ ප්‍රධානත්වයෙන් කා.පො.කො 7013 උදේශිකා සහ කා.පො.කො 6538 දීපානි යන නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

Read more

Local News