මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ තණතීරුව ඉතා දුර්වලයි – තරග තීරක

Share

අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 4 වන ටෙස්ට් තරගය පැවති බව තරග තීරක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම් දී තිබේ.

තරගය නිමා වුණේ ජය පරාජයෙන් තොරව ය. එහිදී දින පහ තුළ දැවී ගියේ කණ්ඩායම් දෙකේම කඩුලු 24ක් පමණි. පළමු දිනයේ මෙන්ම අවසන් දිනයේදී ද තණතීරුව මන්දගාමී ස්වරූපයක් ගෙන තිබුණි. සාමාන්‍යයෙන් ටෙස්ට් තරගයක අවසන් දිනයේ තණතීරුවේ හැසිරීම මේ ආකාරයෙන් වන්නේ නැත.

ඒ අනුව තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා මෙම තණතීරුව ඉතා දුර්වල බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම් දී ඇත.

ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩා පිටියක තණ තිරුව දුර්වල බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට තීරකවරයෙකු දැනුම් දුන් පළමු අවස්ථාව මෙය වේ. ඒත් සමගින් ඉදිරියේදී ලොව සියලු රටවල තණතීරු සැකසීම පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කරනු ඇතැයි ද වාර්තා වේ.

Read more

Local News