පෑලියගොඩ සහ කැලණිය අවට ප්‍රදේශ රැසකට අද වතුර නෑ

Share

පෑලියගොඩ සහ කැලණිය අවට ප්‍රදේශ රැසකට අද (13) උදෑසන 8.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

කැලණි ගඟ දකුණු ඉවුර ජල ව්‍යාපෘතියේ 11 වන අදියරේ අත්‍යාවශ්‍ය ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවෙන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව පෑලියගොඩ වත්තල – මාබෝල නගර සභා බල ප්‍රදේශ, කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රාදේශයේ හැඳල, ඇලකන්ද සහ පල්ලියවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මගුරුවිල පාර, විජයරාම මාවත, කේ.ඊ.පෙරේරා මාවත, ගෝනවල, පමුණුවිල සහ බතලහේනවත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Read more

Local News