ආණ්ඩුව අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නේ නම් විපක්ෂය ඊට සහය දිමට සුදානම්

Share

පාර්ලිමේන්තුවට මේ මොහොතේ ආණ්ඩුව අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නේ නම් විපක්ෂය ඊට සහය දිමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

මීරිගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, දිනපු ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීමට මහමැතිවරණයේ දී තුනෙන් දෙකක් අවශ්‍ය බව ආණ්ඩුව පවසන බවයි.

අප්‍රේල් මාසය වන තෙක් බලා සිටිය යුතු නොවන බවත් විපක්ෂය ලෙස ලබන සතිය තුළ දීම එයට අවශ්‍ය උපරිම ඡන්දය ලබා දීමට හැකි බවත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

ජනතා පොරොන්දු ඉටු කිරීමට මැයි මාසය වෙන තෙක් බලා සිටිය යුතු නැතැයි ද පැවසු ඒ මහතා, අතීතයේ අයවැය සඳහා පාර්ලිමේන්තුව තුළ බහුතරයක් ලබා ගෙන මුදල් අනුමත කර ගත් බවත් පැවසීය.

ලබන සතිය තුළ නව අයවැයක් සඳහා කිසිදු ප්‍රශ්නයක් නොමැතිව මුදල් වෙන් කර ගත හැකි බවත් පැවසු සජිත් ප්‍රේමදාස මහතා, ඔවුන් ජනතාවට බොරු කියමින් පාර්ලිමේන්තුවේ බහුතරයක්ම ගෙන පසුව කිසිවක් නොකර සිටිමට වත්මන් ආණ්ඩුව බලාපොරොත්තු වන බවයි.

Read more

Local News