නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කරයි

Share

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ඒ.බෝදරගම මහතා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කර තිබේ.

 

1985 වසරේ දී සුරාබදු පරීක්ෂකවරයකු ලෙස සේවයට එක් වූ ඒ මහතා වසර 30කට අධික කාලයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු හොබවා ඇත.

බෝදරගම මහතා කලක් වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේය.

මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය කොළඹ විශ්ව විද්‍යාල හිමි කරගෙන ඇති ඒ මහතා ජර්මනිය, කොරියාව, චීනය, සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක විවිධ අධ්‍යන කටයුතුවල නිරත වී ඇත.

Read more

Local News