ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලා සිව්දෙ‌‌නෙක් අත්අඩංගුවට

Share

ගල්කිස්ස – රත්මලාන ප්‍රදේශයේ දී ඊයේ (13) සවස ගල්කිස්ස පොලිස් නිලධාරීන් විසින් ගණිකා නිවාසයක් වටලා තිබේ.

 

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය මෙම ගණිකා නිවාසය වටලා තිබේ.

එහිදී ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News