අමෙරිකා සහ චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් දිවයිනට

Share

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර අමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය අද අලුයම දිවයිනට පැමිණියා ය.

 

ඇලිස් වේල්ස් මහත්මිය සිය සංචාරයේදී මෙරට රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරින්, සිවිල් සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වනු ඇති.

මානව හිමිකම්, යුක්තිය , ප්‍රජාතන්ත්‍රවාදය හා සෞභාග්‍ය සාක්ෂාත් කර ගැනීම සඳහා නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපීය පොදු අභිලාසයන් ඇතුළුව කලාපීය හා ද්විපාර්ශවීය ගැටලු පිළිබඳ එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

මේ අතර චීන විදේශ කටයුතු ඇමති වන්ග් යී මහතා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියේ ය.

විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ ,විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ,එම අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරුන් හා ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

මේ අතර රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරෝෆ් මහතා අද දිවයිනට පැමිණීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, රුසියානු විදේශ අමාත්‍යවරයා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හමුවීමට නියමිත බවයි.

Read more

Local News