මාවනැල්ලේ අනතුරකින් 4කට තුවාල

Share

මාවනැල්ල පොලිස් වසමේ කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ පහල කඩුගන්නාව ප්‍රදේශයේ අද (14) අළුයම 1.30ට පමණ රිය අනතුරක් සිදුව තිබේ.

 

පහල කඩුගන්නාව කිලෝමීටර 98-99 අතර කොටසේ දී මහනුවර දෙස සිට කොළඹ දෙසට ධානය වු වෑන් රථයක් එහි රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ වම් පස ඇති ආරක්ෂක වටේ ගැටී මීටර 20 ක් පමණ ප්‍රපාතයට පෙරළී ගොස් තිබේ.

අනතුරින් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

මොවුන් උඩුගම සිට මහනුවර හන්තාන ප්‍රදේශයේ පැවති අවමඟුල් උත්සවයක් සඳහා සහභාගී වී නැවත යමින් සිටිය දී මෙලෙස අනතුරට පත්ව ඇත.

වැඩිදුර විමර්ශන මාවනැල්ල පොලීසිය පවත්වයි.

Read more

Local News