මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට ගන්න නාවික හමුදා සහාය

Share

නාවික හමුදාව ‌සහ පොලිසිය එක්ව ඊ‌යේ (13) දින නිලාවේලි, එරක්කන්ඩි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කරනු ලබන මෙහෙයුමක් අතරතුරදී නිලාවේලි, එරක්කන්ඩි ප්‍රදේශයේ ගමන්ගත් සැක කටයුතු ත්‍රීරෝද රථයක් නිරීක්‍ෂණය කර ඇති අතර, එහිදී එම ත්‍රීරෝද රථය පරික්‍ෂාවට ලක් කිරීමේදී ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවී ඇත.

තවද, සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට කරුණු අනාවරණය කරගෙන ඇති අතර, එම සැකකරු වයස අවුරුදු 45 ක් වන නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබේ.

එම සැකකරු, ත්‍රීරෝද රථය සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කුච්චවේලි පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.

Read more

Local News