බුද්ධි අංශ නියාමනයට නව පනතක්

Share

ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් සියලු බුද්ධි ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි බුද්ධි අංශ නියාමනය කිරීමේ හා බලගැන්වීමේ පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

අද(15) කොළඹ පැවැත් වෙන කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

ඒ අනුව පනත හඳුන්වා දිමට සඳහා වු කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දිමට ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ජාතික ආරක්ෂාවට බලපෑම් සිදු කරන ක්‍රියාකාරකම් පුරෝකථනය කර ඒවා වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හා ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බුද්ධි ආයතන සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

එම ආයතනය විසින් පූරෝකථනය කළ තර්ජන හා අනාවරණය කර ගත් තොරතුරු මත වළක්වා ගත් ත්‍රස්තවාදී හා අනෙකුත් ක්‍රියාකාරකම් සහ ජාතික ගැටළුවලදී ලබා දී ඇති නිර්දේශ ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා මහඟු පිටුවහලක් වන බවත් රජය අවධාරණය කරයි.

බුද්ධි අංශ මෙහෙයුම් ආශ්‍රිතව සිදු වන ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා සහ බුද්ධි අංශ බලාත්මක කරමින් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතුවලට සහය වීම සඳහා අවශ්‍ය වන ප්‍රමාණවත් නෛතික ප්‍රතිපාදන දැනට නොමැති වීම හේතුවෙන් ඇතැම් බුද්ධි අංශ කටයුතු සීමාවී ඇති බව පෙනී ගොස් ඇතැයි ද රජය සඳහන් කරයි.

ඒ අනුව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය හා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

Read more

Local News