නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය අද සිට

Share

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරිමට අද සිට ආරම්භ වේ.

 

ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කළ බව ය.

ලබන මස 16 වැනිදා දක්වා ඒ සඳහා අයදුම් කළ හැකි වේ.

එලෙස නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කෙරෙන්නේ 2017 වසරෙන් පසුවයි.

මැතිවරණ කාලසීමාවක පක්ෂ ලියාපදිංචිය නීතිවිරෝධී බැවින් පසුගිය කාලයේ එය සිදුනොකළ බව ද ජාතික මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය.

මේ වනවිට මෙරට පවතින පිළිගත් දේශපාලන පක්ෂ ගණන 70කි.

Read more

Local News