දුම්රිය දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචාවක් ගැන විමර්ශන

Share

දුම්රිය දෙපාර්තමේන්තුවේ ජල පිරිපහදු ව්‍යාපෘතියකදී සිදුවූ මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සදහන් කළේ , ගල්ගමුව සිට අනුරාධපුරය දක්වා දුම්රිය ස්ථානවල ජනතාවට පානය කිරිම සඳහා ජල පෙරන සවිකිරීමේ ව්‍යාපෘතියේදී මෙම මූල්‍ය වංචාව සිදුව ඇති බව ය.

ව්‍යාපෘතිය සඳහා මුදල් ගෙවා තිබුණ ද කිසිඳු ජල පෙරනයක් සවිකර නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අතර , පසුගිය කාලයේ දුම්රිය දෙපාර්තමේන්තුවට විදුලි පංකා මිලදි ගැනීමේදී සිදුවූ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය

Read more

Local News