තැන් කිහිපයක දී හෙරොයින් සමඟ 4ක් අත්අඩංගුවට

Share

කොළඹ අපරාධ කොට්ඨාශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ වැටලීම්වලදී හෙරොයින් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ග්‍රෑන්ඩ්පාස්, සාතම්මාවත්ත ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 05කට වැඩි ප්‍රමාණයක් සමඟ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ‌ගෙන ඇත.

ගල්කිස්ස, පරණ ගුවන් තොටුපළ පාර හංදියේදී හෙරොයින් ග්‍රෑම් 05කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 02 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රත්මලාන ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 340ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

ඔවුන් මාලිගාකන්ද, ගල්කිස්ස සහ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත අද (17) ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News