තියුණු ආයුධයකින් පහර දි පුද්ගලයෙකු ඝාතනය කරයි

Share

නානුඔය පොලිස් වසමට අයත් ඩෙස්පොඩ් ක්ලාන්ටන් තේ වත්තේ ඊයේ (19) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව නානුඔය පොලීසිය පවසයි.

 

මෙසේ ඝාතනය කර ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි විවාහක අයෙකි.

මරණකරු වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු නානුඔය ඩෙස්පොඩ් ප්‍රදේශයේ කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවයක් කාලයක් තිස්සේ පවත්වා ගෙන ගොස් ඇති බව සඳහන්.

එම අනියම් සම්බන්ධතාවයට බිරිඳ සහ බිරිඳගේ සහෝදරයන් දැඩි ලෙස විරෝධය දක්වා ඇති බව නානුඔය පොලීසිය පැවසුවේය.

අනියම් සම්බන්ධතාවය මුලික කර ගනිමින් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බව ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නානුඔය පොලීසිය සැකකරයි.

ඝාතකයා හදුනාගෙන ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා මේ වන විට නානුඔය පොලිසියේ කණ්ඩායමක් ක්‍රියාකරමින් සිටින බව නානුඔය පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

Read more

Local News