පොහොට්ටුවට එකතු වු පමණින් ශ්‍රීලනිප නැ කියන්න බෑ

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන සන්ධානයේ ලාංඡනය විදෙස්ගතව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් පසුව සාකච්ඡා කර තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

 

එම පක්ෂ මූලස්ථානයේ අද(21) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර පක්ෂයේ විනය කමිටුව ගෙන ඇති තීරණ සම්බන්ධයෙන්ද මාධ්‍ය දැනුවත් කළේය.

පසුගිය දිනක එස්.බී.දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් දැන් නොමැති බව පවසා ඇතැයි සඳහන් කර සිටි දයාසිරි ජයසේකර මහතා, කිසිවෙක් පොහොට්ටුවට එකතු වු පමණින් ශ්‍රීලනිප නැතැයි පැවසිය නොහැකි බවයි.

ගිය සතියේ ඩිලාන් පෙරේරා මහතා සහ ඒ මහතා ලිපියක් මඟින් විනය පරීක්ෂණය ඉවත් කර ගන්නා ලෙස දැනුම් දුන් බවත් කියා සිටි ජයසේකර මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙසම පවතින බවත් පැවසීය.

ඔවුන් ඊළඟ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ කර මතින් ගමන් කිරීමට සිදුව ඇතැයි ද පැවසු ඒ මහතා, ජනතාව ඔවුන්ව ගනන් නොගන්නා බවත් කියා සිටියේය.

ප්‍රශ්නය – ලාංඡනය ගැන තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ?

බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණි විගස ඒ ගැන කථා කරන බවත් දයාසිරි ජයසේකර මහතා පිළිතුරු දෙමින් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානය පොදු ජන එක්සත් පෙරමුණ වෙනුවට ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කියා සිටියේය.

ඉන් අනතුරුව ඉදිරි කාරණා සම්බන්ධයෙන් කථා කළ හැකි බවත් පැවසු ඒ මහතා, දැනට සන්ධානය හැදීමේ ක්‍රියාවලිය ඉක්මන් කර ගත යුතු බවත් පැවසීය.

ලකුණ පිළිබඳව දැන් කථා කළ යුතු නොවන බවත් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

Read more

Local News