මහේස්ත්‍රාත් ධම්මික හේමපාල තවමත් CCDයට ප්‍රතිචාර දක්වා නෑ

Share

ආන්දෝලනාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් සේවය අත්හිටවනු ලැබූ මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාට කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදුකළ ද ඔහු මේ දක්වාත් ඊට ප්‍රතිචාර නොදක්වා ඇති බව වාර්තා වෙයි.

 

ආන්දෝලනාත්මක දුරකතන හඬපට සම්බන්ධයෙන් විනිසුරු ගිහාන් පිලපිටිය, මහේස්ත්‍රාත් ධම්මික හේමපාල සහ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක යන මහත්ම මහත්මීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබුණි.

ඒ අනුව ඊයේ(20) සහ පෙරේදා යන දිනවලදී විනිසුරු ගිහාන් පිලපිටිය සහ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක යන මහත්ම මහත්මීන්ගෙන් අපරාධ කොට්ඨාශය ප්‍රකාශ සටහන් කර ගත්තේය.

කෙසේවෙතත් දැනට සේවය අත්හිටුවා ඇති මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාට ද ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම්දී තිබුණ ද ඔහු මේ දක්වාත් ඊට ප්‍රතිචාර දක්වා නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේය.

Read more

Local News