එම්.සි.සි ගිවිසුම අත්සන් කිරීමට එජාපය විරුද්ධයි

Share

එම්.සි.සි ගිවිසුම අත්සන් නොකීරීම බහුතරයේ කැමැත්ත බැවින් එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ බව එම පක්ෂයේ පාර්ලමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

 

එම්.සි.සි ගිවිසුම සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කළද එක්සත් ජාතික පක්ෂය එවැන්නක් සිදු නොකරන බව පැවසු මන්ත්‍රීවරයා පැවසුවේ එම්.සී.සී  ගිවිසුම අත්සන් නොකරන බව ජනතාවට පවසා බහුතර බලය ලබා ගත් ආණ්ඩුව වර්ථමානයේ එම ගිවිසුම සම්බන්ධයෙන් දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරන බවයි.

අද (21)  පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම 2020 වසරේ ජනවාරි මස පළමුවනදා සිට “උපයන විට ආදායම් බද්ධ ” ලෙස අය කරන බද්ධ අඩු කරන බව වත්මන් රජය පැවසුවත් තවමත් එය සිදු කර නොමැති බව මන්ත්‍රීවරයා පවසයි.

අදාල බද්ධ අය කිරීමේ වෙනසක් හො එය අය කිරීමෙන් වැලකි සිටිනවා නම් පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධයෙන් පනතක් ඉදිරිපත් කළ යුතු බවත් නමුත් තවමත් එවැනි පනත් කෙටුම්පතක් හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කටයුතු කර නොමැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එවැනි පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් තම පාර්ශවට එයට සහය දක්වන බවත් නමුත් ආණ්ඩුව මේ සම්බන්දයෙන් පවසන්නේ බොරුවක් බවත් මන්ත්‍රීවරයා චෝදනා කරයි.

Read more

Local News