හෙරොයින් නිසා පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය

Share

හෙරොයින් ග්‍රෑම් 18.24 ක් සන්තකයේ තබාගැනීම හා හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධව වරදකරු වූ මල්වාන ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සිවාම් නිසාම් නමැති පනස්තුන් හැවිරිදි දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණ විසින් ඊයේ (03) මරණීය දණ්ඩනය නියම කෙළේය.

2010 වසරේ රාජගිරිය සර්පන්ටයින් ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

මත්ද්‍රව්‍ය භාවිතය සමාජයට මහත් ව්‍යසනයක් වී ඇති හෙයින් සමාජයට පරමාදර්ශයක් වන ලෙස විත්තිකරු හට උපරිම දණ්ඩනය ලබාදීමට අධිකරණය තීරණය කළ බව විත්තිකරු හට මරණීය දණ්ඩනය නියම කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කර අැත.

Read more

Local News