පාර්ලිමේන්තු කාරකසභා දෙකක මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රකාශය හෙට

Share

පාර්ලිමේන්තු කාරක සභාවලට අදාල නාමයෝජනා කඩිනමින් ලබා දෙන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා ආණ්ඩු පක්ෂයට සහ  විපක්ෂයට දැනුම් දී තිබේ.

 

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ අමාත්‍යාංශයීය උපදේශ කාරක සභා  ඇතුළු කාරක සභාව සදහා පත් කළයුතු මන්ත්‍රීවරුන්ගේ නාමයෝජනා ලබා දෙන ලෙස කතානායකවරයා දැනුම්දුන් බව සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේය.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවැති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ඔහු විසින් මේ බව දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සහ උසස් නිලතල පිළිබඳ කාරක සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් හෙට (23) ප්‍රකාශයට පත් කිරිමට එහිදී තීරණය කර තිබේ.

කෝප් සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා කඩිනමින් පත් කිරිමට ද පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේදී සාකච්ඡා වූ බව සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මේ අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්විමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එය රැස්විමට නියමිත බව වාර්තා වේ.

කතානායක කරුජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් දසදෙනෙකු වන අතර අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා එහි ප්‍රධානත්වය උසුලයි.

Read more

Local News