කේරල ගංජා ‌තොගයක් බස් රථයකින් ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

Share

පුද්ගලික බස් රථයක සඟවා කොළඹට ප්‍රවාහනය කරමින් තිබු කේරල ගංජා කිලෝ 170ක ප්‍රමාණයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ති‌බේ.

 

පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් විසින් අද (22) එම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, කොඩිකාමන් හා කිලිනොච්චි යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනෙකි.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශ නිලධාරින් හා නාවික හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත කල්පිටියේ සිට කොළඹ බලා ගමන්ගමන් කරමින් තිබු මෙම පුද්ගලික බස් රථය පාලවිය මංසන්දියේදී නවතා පරික්ෂාවට ලක් කර ඇත අතර එහිදී කේරල ගංජා තොගය සොයා ගෙන ඇත.

පුත්තලම මුලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News