නීතිවිරෝධිව පවත්වාගෙන ගිය කැස්බෑ ප්‍රදර්ශනයක් වටලයි

Share

නීතිවිරෝධීව පවත්වාගෙන ගිය කැස්බෑ ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් වැටලු  මුතුරාජවෙල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් ඉතා දුර්ලභ කැස්බෑ විශේෂ කිහිපයක් හා කැස්බෑ බිත්තර තොගයක් අත්අඩංගුවට ගනු ලැබීය.

 

දුන්ගාල්පිටිය පිටිපන පොලීසිය අසල පවත්වාගෙන ගොස් ඇති මෙම නීතිවිරෝධී කැස්බෑ ප්‍රදර්ශන මධ්‍යස්ථානය වනජීවී නිලධාරීන් විසින් අද (22) උදෑසන වටලනු ලැබ තිබිණි.

වැටලිමෙන් කෑස්බෑවුන් 07 දෙනෙකු, කැස්බෑ බිත්තර සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලිමෙන් අතිශය දුර්ලභ කොළ කැස්බෑවන් 2ක්, ලෙලි කැස්බෑවන් 4ක්, ඔළුගෙඩි කැස්බෑවන් 1ක්, කැස්බෑ පැටවුන් නිදර්ශක බොතල් 1 හා කැස්බෑ බිත්තර 25ක් පමණ අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම නීති විරෝධී කැස්බෑ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දේශීය හා විදේශීය පුද්ගලයන් සදහා විවිධ මිල ගණන් යටතේ ප්‍රවේශ පත් ලබා දී තිබේ.

Read more

Local News