මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

නැගෙනහිර, ඌව හා උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (23) වැසි වාර කීපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස 2.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර, මාතලේ සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක් පමණ තරමක තද වැසි ඇති වෙයි.

වයඹ, මධ්‍යම, දකුණු සහ උතුරු පළාත්වලත් ගම්පහ දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50 පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

Read more

Local News