විශේෂ පක්ෂනායක රැස්විම හා ව්‍යවස්ථා සභාව හෙටට කල්යයි

Share

අද(23) දිනයේ රැස්වීමට නියමිතව තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට(24) දිනය දක්වා කල්දමා තිබේ.

 

කරු ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට පස්වරු 01.30ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා ප්‍රධානත්වය උසුලන ව්‍යවස්ථා සභාව සඳහා සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත්.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පොලිස් කොමිසම, අල්ලස් කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව යන ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරිමේ වගකීම පැවරී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටයි.

මේ අතර  පක්ෂ නායක රැස්වීමක් ද හෙට දිනයේ පැවැත්විමට නියමිතව තිබේ.

මහ බැංකු බැඳුම්කර  ගණුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විම සඳහා දින නියම කර ගැනිම මෙම පක්ෂනායක රැස්විමේ අරමුණයි.

පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද බැඳුම්කර ගණුදෙනුවට අදාල වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් අවශ්යව බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළ අතර පක්ෂනායක රැස්වීම කැඳවා ඒ  පිළිබඳ අවසන් තීරණයක් ගත යුතු බව කථානායකවරයා එහිදී සඳහන් කළේය.

මේ අතර සභාගත කොරුණු වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ද අදහස් පල විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ අදාල වෝහාරික වාර්තාවේ සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර නොමැති බවයි.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් අදහස් පල කිරිමත් සමඟ කංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා ද අදහස් පල කර සිටියේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සිය දුරකතන සංවාද ඇතුලත් සී.ඩී තැටි 05ක් පාර්ලිමේන්තුව වෙත භාරදී තිබේ.

පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම සී.ඩී තැටි හැන්සාඩ් සංස්කාරකවරයාට භාරදී ඇති බවයි.

අදාල දුරකතන සංවාද හඬපට සම්බන්ධයෙන් ද ඊයේ(22) පාර්ලිමේන්තුවේදී අදහස් පල විය.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පල කළ අතර ඊට හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රතිචාර දැක්වීමත් සමඟ රාජ්‍ය අමාත්‍ය  මහින්ද යාපා අබේවර්ධන මහතා ද විවාදයට එක් විය.

Read more

Local News