අසාද් සාලි අදත් ජනපති කොමිසමට කැඳවයි

Share

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද(23) දිනයේ යලිත් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

 

අද පෙරවරු 11.00ට ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස අසාද් සාලි මහතාට දැනුම්දී ඇති බව එම කොමිෂමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පසුගිය අගහරුවාදා දිනයේ ද හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මෙම ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙනු ලැබීය.

අසාද් සාලි මහතාට අමතරව අද දිනයේ තෙල්දෙණිය සහකාර පොලිස් අධිකාරි ජගත් ගාමිණී තෙන්නකෝන් මහතා ද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි.

මාවනැල්ල, ඉඩම්පිටිය ග්‍රාම නිලධාරිනි යුරේකා දිලානි ජයරත්න මහත්මිය ද සාක්ෂි ලබාදීම සඳහා අද දිනයේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය සිදු කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පෙනි සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට කොමිසම විසින් පසුගිය 21 වන දින දැඩිව අවවාද කරනු ලැබුවේය.

ඒ අනුව කොමිසමේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ කොමිසමට අපහාස කිරිම සහ අපහාසාත්මක ලෙස හැසිරිම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

Read more

Local News