මහනුවර දිස්ත්‍රික්කයේ ඉදි වූ විශාලතම ශ්‍රවණාගාරය විවෘත කෙරේ

Share

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ අභිනවයෙන් ඉදි කළ නව ශ්‍රවණාගාරය හෙට (05) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරිමට කටයුතු යොදා තිබේ.

මිලියන 200 ක මුදලක් වැය කොට ඉදි කර ඇති මෙම ශ්‍රවණාගාරය මහල් තුනකින් යුක්තය. ආසන 700 කින් යුක්තව වායුසමීකරණය කොට ඉදි කොට ඇති මෙම ශ්‍රවණාගාරය අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක තිබිය යුතු සෑම පහසුකමකින්ම සමන්විතය.

ආපන ශාලාවක් ,වේශ නිරූපණය සඳහා අවශ්‍ය කාමර පහසුකම්, ප්‍රභූන්ට රැදී සිටිය හැකි කාමර සහ වාහන නවතා තැබීමේ පහසුකම් වලින්ද සමන්විතව ඉදි කොට ඇති මෙම ශ්‍රවණාගාරය මහනුවර දිස්ත්‍රික්කයේ මෙතෙක් ඉදි වූ විශාලතම ශ්‍රවණාගාරය ලෙසද හැදින්විය හැකිය.

Read more

Local News