Tuesday, March 19, 2024.

වැඩේ හොඳ නම් අපි ලෑස්තියි – දුමින්ද

Share

ඉදිරි මහමැතිවරණයේදී නිවැරදි මහජන නියෝජිතයින් පත් කිරීමට ජනතාව කටයුතු කළ යුතු බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය  දුමින්ද දිසානායක මහතා පවසයි.

 

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ(22) අනුරාධපුර පැවති ජන හමුවකදීයී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, වෙනස්ව හා රාමුවෙන් පිට පැන සිතිය යුතු බවයි.

එසේ වුවහොත් රට වෙනස් කළ හැකි බවත්, පසුගිය දිනවල තරුණයින් එකතු වී චිත්‍ර අඳින ආකාරය අපට දැක ගත හැකි වු බවත් ඒ මහතා පැවසීය.

එයට සියලු දෙනා එකතු වු බවත් එයින් “වැඩේ හොඳ නම් අපි ලෑස්තියි “ යන පණිවිඩය ලබා දුන් බවත් කියා සිටි අමාත්‍යවරයා, නමුත් බැරි වෙලා හෝ අපි කළා නම් එය දේශපාලනික වන බවත් කියා සිටියේය.

හොඳ අදහසකින් රටක් වෙනස් කළ හැකි බව තරුණ ප්‍රජාව පෙන්වු බවත් කියා සිටි ඒ මහතා, අපි තවමත් දේශපාලනිකව බෙදී සිටින බවත් පැවසීය.

ඉදිරි මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට නොගැළපෙන පුද්ගලයින් නොඑවන ලෙසත් පැමිණ සිටි ජනතාවගෙන් දුමින්ද දිසානායක මහතා ඉල්ලා සිටියේය.

Read more

Local News