දිඹුලපතන බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට

Share

දිඹුලපතන පොලිස් වසමෙ දිඹුල වත්ත තුළදී බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයින් සිව් දෙනෙකු කොටගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

 

ඊයේ(23) සවස 4.20ට පමණ මෙම බඹර එල්ලවී ඇති බව පොලීසිය පවසයි.

බඹර ප්‍රහරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කෙලී වත්තේ පදිංචි මුත්තුලිංගම් ඊස්වරන් 55 හැවිරිදි වතු කම්කරු සිව්දරු පියෙකි.

මෙම පුද්ගලයා දර සෙවීම සඳහා කෙලී වත්තේ සිට දිඹුල වත්තට ගොස් ඇති බවත්, එහෙදී ගසක බැද තිබු බඹර කූඩුවක් ඇවිස්සී බඹරුන් දෂ්ඨ කොට තුවාල තිබේ.

බඹරුන් දෂ්ඨ කිරීමෙන් දරුණු ලෙස තුවාල ලැබු මෙම පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කොට ඇති අතර, ඉන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවත් වතු කම්කරු කාන්තාවන් තිදෙනෙකුද මෙම බඹර ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති අතර, ඔවුන්ද මේ වනවිට කොටගල රෝහලටඇතුලත් කොට තිබේ.

සිද්ධිය පිළිබදව දිඹුල – පතන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Read more

Local News